Wednesday, July 15, 2020

ආදරණීය අප්පච්චිටයි අම්මටයි 🙏🙏

හිමි දින වලින් තව වසරක් ගෙවී    ගියා
පොඩ්ඩෙට වයස තිස් එකකුත්    පිරුණා
අද වැනි දිනක මා හට ජීවය      දුන්නා
වදිනෙමි දෙපා හද පතුලෙන් නිති සැමදා

මිනිස් කයක් අහිමිව ඉදිනා        විටක
ඔබේ කුසට ආවේ පෙර         පුරුද්දට
එදා ඉදන් මනිසා ඉහුලු            දුකට
සදා ණයගැතියි අම්මේ මම        ඔබට

ඉපදෙන්නටත් පෙර ඉතුරුණු    ආදරය
ඔබේ දුවක් වුයේ මගේ පෙර       පිනට
මා වෙනුවෙන් හෙලපු දහඩිය  ගොඩට
සදා ණයගැතියි අප්පච්චී           ඔබට

සැමදා නිදුක් නීරෝගී සුව     ලැබේවා
දිනෙන්දිනේ සසර ගමන කෙටි      වේවා
මා කරනා පින් ඔබට අනුමෝදන්  වෙත්වා
සිත නිවි නිවී ඔබ නිවනට      ළංවෙත්වා
පොඩ්ඩේ 
2020/07/16