Wednesday, June 18, 2014

අවදිවීම

නිසල සිත සසල කල මම
පසුතැවෙමි අද
මන්ද
ඔබ තව තවත් සිත් නිකරුණේ
සසල කරන බැවින්...


Wednesday, February 19, 2014

අකමැත්ත

මැරෙන්න කොච්චර අකමැති උනත්
                 මැරෙන්නම වෙනවා
ඉපදෙන්න කොච්චර අකමැති උනත්  ආයේ
                 ඉපදෙන්නම වෙනවා
සමහර බැඳීම් අතහරින්න කොච්චර අකමැති උනත්
                 අතහරින්නම වෙනවා
සිත හදාගන්න කොච්චර බැරි උනත්
                 හදාගන්නම  වෙනවා


තුට

අහසට තුට
                -  සඳවත සිසිලස දීම
ගසකට තුට
                - සුවඳැති මල් පිබිදීම
සයුරට තුට
                - වෙරළට රැළි පාවීම
මසිතට තුට
                - නුඹ සිහිනෙන් පැමිණීම



Tuesday, February 18, 2014

අතහැරීම


  ලොව නිසා ඔබ -
         මා අතහැරියා...
ඔබ නිසා මම -
        ලොව අතහැරියා...


Thursday, February 13, 2014

තුන් ඈදුම

සියල්ලමක සැඟවී ඇති -
       සෙව්වොත් ලැබෙන එකම දෙය සතුට..

සිතුවොත් හැම දෙයකම  -
       කෙළවරක ඇත්තේ  අනන්ත වූ දුක..

ඉපදෙනකොට ඉපදී -
      මියගියත් නොමියන එකම දෙය ආදරය..

දුක,සතුට,ආදරය තුනෙහි -
      අපුරු එකතුවකි ජීවිතය...